සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW :

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන පිහිටුවීමට පියවර ගනිමින් පවතී.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සහ මෙම ආදර්ශ ගම්මාන හරහා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම මෙම වැඩසටහන මගින් අරමුණු කරන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ මහතා පැවසීය.

පොලිසිය, ප්‍රජා පොලිස් ඒකක, ග්‍රාම නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධානවල සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ මස අවසානය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය වසර දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව...

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...