පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද. ප්‍රදේශයට ත්‍රිවිධ හමුදාව කැඳවයි

රඹුක්කන ප්‍රදේශයේදී අප්‍රේල් 19 වනදා පැවති මහජන විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කේ.බී. චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද (22) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

ඒ අනුව ඒ මහතාගේ අවසන් කටයුතු අද දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද, හිරිවඩුන්නේදී සිදුකිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම දේහය භූමදානය කර අවසන් වනතෙක් ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවන ලෙස පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවත් ඒ අනුව භූමදානයෙන් පසු දිනය දක්වාම එම ප්‍රදේශයට ත්‍රිවිධ හමුදාව යෙදවීමට කටයුතු කෙරෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

May be an image of text

RN