පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද. ප්‍රදේශයට ත්‍රිවිධ හමුදාව කැඳවයි

රඹුක්කන ප්‍රදේශයේදී අප්‍රේල් 19 වනදා පැවති මහජන විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කේ.බී. චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද (22) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

ඒ අනුව ඒ මහතාගේ අවසන් කටයුතු අද දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද, හිරිවඩුන්නේදී සිදුකිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම දේහය භූමදානය කර අවසන් වනතෙක් ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවන ලෙස පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවත් ඒ අනුව භූමදානයෙන් පසු දිනය දක්වාම එම ප්‍රදේශයට ත්‍රිවිධ හමුදාව යෙදවීමට කටයුතු කෙරෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...