ජනතාව දුන් බලයෙන් යුක්තිය ඉටුනොවන්නේ නම් එම බලයෙන් පලක් නැහැ – ජනපති

Date:

කොළඹ LNW:2021 වසරේදී අල්ලස් දූෂණචෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු 69ක් පවරා ඇති අතර නඩු 40ක් ඉල්ලා අස් කර ගෙන තිබෙන බවත් 2022 වසරේදී නඩු 89ක් පවරාඇති අල්ලස් හා දූෂණ කමිෂන් සභාව ඉන් නඩු 45 ක් ඉල්ලා අස්කරගෙන ඇති බවත් එලෙස නඩු ඉල්ලා අස්කරගැනීමට හේතු ජනතාවට ප්‍රකාශ කළ යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (09)“සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු ” යන තේමාව යටතේ පැවති ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරුම් උත්සවය අමතමිනි.

එක් වසරකදී අල්ලස් හා දූෂණ වරදකරුවන් ලෙස කොස්තාපල්වරු දෙදෙනෙක්, ග්‍රාම නිලධාරීවරයෙක් සහ ලිපිකරුවෙක් අල්ලස් හෝ දූෂණ කමිසම් සභාව විසින් වරදකරුවන් කරනු ලැබ ඇති අතර ශ්‍රී ලංකාවේ නීතිය මකුළු දැලක් ලෙස ක්‍රියාත්මක වී පොඩි සතුන් එම දැලට හසුවන බවත් ලොකු සතුන් මකුළුදැල බිඳගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

යළි අපේ රට ගොඩනගනවා නම් රාජ්‍ය පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගල සහ ආයතන පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති නිසා යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමද යුක්තිය ඉටු කිරීමක් නොවන බවද හෙතෙම සඳහන් කරන ලදී.

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එම නිසා ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් පුරවැසියාගේ බලාපොරොත්තුවලට වටිනාකමක් ලබා දීමට එමඟින් හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න , මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලි. එම්. එන්.පී. ඉද්දවෙල, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම විදේශ තානාපතිවරු ඇතුළු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...