ගෝඨාභය අයින් කරලා බෑ. එහෙම වුණොත් බැසිල් වැඩබලන ජනාධිපති වෙනවා – විමල් (VIDEO)

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති තනතුරෙන් ඉවත් කළහොත් බැසිල් රාජපක්ෂ මහතා වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමේ අවදානමක් ඇති හෙයින් ඊට ඉඩදීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“තමන්ට ඕනෙ කරන ඉන්ධන ටික නැතුව, ගෑස් ටික නැතුව වෛරයෙන් කේන්තියෙන් පුපුර පුපුර ඉන්න මනුස්සයාව නිවන්නෙ නැතුව මේකට මුහුණ දෙන්න බෑ. ඒ නිසා පළවෙනි දේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඒ අමාත්‍ය මණ්ඩලය ඉවත්වෙන්න ඕනෙ. විශ්වාසය ඇතිකරන්න පුළුවන් ස්ථාවරයභාවය ඇතිකරන්න පුළුවන් නව පාලන තන්ත්‍රයක් බිහිකරන්න ඕනෙ. සමහරු කියනවා ගෝඨාභය රාජපක්ෂත් යන්න ඕනෙ ලු. ගෝඨාභය රාජපක්ෂ ගියයි කියන්නකො, එතකොට මොකද වෙන්නෙ ? පාර්ලිමේන්තුවේ 113ක් ඡන්ද තියෙන කෙනෙක් වැඩබලන ජනාධිපති වෙනවා. දැන් හැංගිලා ඉන්න බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මට 113 හදන්න පුළුවන් කියලා එහෙන් මෙහෙන් බෙදාලා හැදුවොත් ? එතකොට ගෝඨා මහත්තයා ගිහිල්ලා තියෙන්නෙ බැසිල් මහත්තයාට ජනාධිපති වෙන්න. මරුනෙ ?? ඒකද කරගන්න ඕනෙ ?”

දැන් කළයුතුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාව සාමුහිකව තීරණ ගන්නා වැඩපිළිවෙලකට එකඟ කරවාගෙන රට මුහුණ පා ඇති ප්‍රශ්නවලින් ගොඩගන්නා ස්ථාවර පාලන තන්ත්‍රයක් පිහිටුවීම බවයි ඒ මහතා එහිදී සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...