කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

රුපියල් කෝටි 14ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒක පාර්ශ්විකව පැමිණිලිකරුට ලබාදිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා මහතා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩී. කේ. බරණලියනගේ මහතා අද (13) නියෝග කර ඇත. 

අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව විසින් සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, 2023 වසරේ අගෝස්තු 2 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබාගත් බවට පැමිණිල්ලක් කර තිබු බව සඳහන් වේ. එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ මහජන පැම්ණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයාව අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...