චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතා ගිවිසුම දීර්ඝ කෙරේ

Date:

කොළඹ LNW:චීන – ඇමරිකානු තාක්ෂණ සහයෝගීතාවේ මූලික හරය අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලැබීම බව චීනය පැවසුවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතා ගිවිසුම දිර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය 13 වනදා දෙරට නියෝජිතයින් බෙයිජිං හිදී අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර අත්සන් කරමින් “චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතා ගිවිසුම ” 2024 වසරේ අගෝස්තු 27 වනදා සිට ඉදිරි වසර 5ක් දක්වා දීර්ඝ කළා.

චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතා ගිවිසුම ” දීර්ඝ කිරීම, දෙරට නායකයන්ගේ හමුවීමේදී එළඹුණු එකඟතාවන් ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් වන අතර එය දෙරටේම ජනතාවගේ ජයග්‍රහණයන්ට අනුකූල වන අතර ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ට ද ගැලපෙන බව Lin Jian මහතා සඳහන් කළා. අදාළ ගිවිසුම වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර, චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතාව තුළින් ලබා ගන්නා ජයග්‍රහණ දෙරටට මෙන්ම සමස්ත ලෝකයටම ප්‍රතිලාභ ලබා දීම සඳහා ඇමරිකාව චීනය සමග එක්ව කටයුතු කිරීම චීනයේ අපේක්ෂාව බවද Lin Jian මහතා ප්‍රකාශ කළා

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...