ඉන්දියාවේදී විශේෂ ප්‍රකාශයක් කළ ජනපති අනුර!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

ජනාධිපතිධූරය ලැබීමෙන් පසු, පළමු විදෙස් සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

ඒ අනුව ජනපති අනුර පවසා සිටියේ, ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයට අනුකූලව ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවේ ඇති පූර්ණ කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි විසින් සහතික වූ බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ,

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මා නියැළෙන පළමු විදෙස් සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව මා සැබැවින්ම සතුටට පත්වනවා.

 මාහට කරන ලද ආරාධනය වෙනුවෙනුත් උණුසුම් පිළිගැනීම සහ සත්කාරකත්වය වෙනුවෙනුත් අතිගරු ජනාධිපතිනි  ද්‍රෞපදි මුර්මු මැතිනියට සහ අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මා ස්තුතිවන්ත වනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙම සංචාරය ඉවහල් වුණා.

 මාගේ මෙම සංචාරය සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම හරහා දෙරටේම ජනතාව පැහැදිලිවම සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක හා තිරසර සංවර්ධනයසමාජ සවිබල ගැන්වීම් සහ සෞභාග්‍යයේ මාවත ඔස්සේ අප රටවල් මෙහෙයවීමට ජනවරමක් ලබාදී ඇතිදෙරටේම දේශපාලන වාතාවරණයෙහි වැදගත් සන්ධිස්ථානයකයි.

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැන් තනි ජනවරමක් යටතේ මෙතෙක් තේරී පත් වූ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තුව බවට පත්ව සිටින බව මා දන්වා සිටින්නේ සතුටින්. මගේ නායකත්වය යටතේ ජාතික ජන බලවේගයට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලැබුණු මෙම අතිමහත් සහයෝගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනවා. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර නුවූවිරූ ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශ වූ ජන වරම අප රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණය කර තිබෙනවා.

 උතුරදකුණනැඟෙනහිර සහ බස්නාහිර දිශාවල පිහිටි සියලුම පළාත්වල විවිධ ප්‍රජාවන් සහ විවිධ තරාතිරම්වල ජනතාව මෙම ජනවරමට දායක වුණා.

 මගේ ජනතාව විසින් එවැනි වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙසප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා.

 ධර්මයේ ඉගැන්වීම් බෙදාගැනීමේ සිට අපගේ සංවර්ධන ප්‍රගතියේ කොටස්කරුවෙකු වීම දක්වා ඉතිහාසය පුරාම ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා.

 අද මගේ ඉන්දීය සංචාරයෙන් විද්‍යමාන වන්නේ අප අනාදිමත් කාලයක සිට භුක්ති විඳින මෙම සමීප සහ මිත්‍රශීලී සබඳතායි.

 මීට මඳ වේලාවකට පෙරඅග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් සමඟ අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් කළා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් කළ අතර ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මං සහ ක්‍රම පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්තා.

 ශ්‍රී ලංකාවට ලබා දුන් නොසැලෙන සහය වෙනුවෙන්විශේෂයෙන්ම 2022 වසරේදී රට මුහුණ දුන් පෙර නුවූවිරූ ආර්ථික අර්බුදයේදී සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල සහයෝගය වෙනුවෙන් මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට සහ ඉන්දීය රජයට ස්තුතිය පළ කළා.

 ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයට අනුකූලව ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවේ ඇති පූර්ණ කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහතික වුනා.

දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර ඇති සහයෝගීතාව ඇතුළුව විවිධ මට්ටම්වල දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා හඳුනාගත්තා.දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන පිළිබඳවද අප සාකච්ඡා කළා.

 ආරක්‍ෂාව සහ ආරක්‍ෂණයවිදුලිබල සහ බලශක්තියපුහුණුව සහ ශක්‍යතා වර්ධනය,  අධ්‍යාපනය,  කෘෂිකර්මය සහ සමාජ ආරක්‍ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද අප අදහස් හුවමාරු කර ගත්තා.

 පාලනයසේවා සැපයීම සහ සමාජ සුබසාධනය යන අංශ ඩිජිටල්කරණය කිරීමෙහිලා ඉන්දියාව ලබා ඇති සාර්ථකත්වය මා අගය කළා. ශ්‍රී ලංකාවේද ඊට සමාන පොදු ඩිජිටල් යටිතල පහසුකම් පද්ධති ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ සහය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මට සහතික වුවා.

අප දෙරට අතර පවතින සංස්කෘතික බැඳීම් අපගේ සබඳතාවයට ශක්තිමත් පදනමක් සපයනවා. වඩාත් ශක්තිමත් පුද්ගල-පුද්ගල සම්බන්ධතා සඳහා මෙම බැඳියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන්අප සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළා.

 කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භ තුළගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව මා අගය කළා. අයෝරා සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වයට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළා. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වීමට ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මා එතුමාගෙන් ඉල්ලා සිටියා. 

 සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීමට අදාළව ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා හැකි ඉක්මනින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ මැදිහත්වීමද මා ඉල්ලා සිටියා.

 මෑතකදී පැවැත්වුණු ධීවර කටයුතු පිළිබඳ හයවැනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම කෙරෙහි ප්‍රසාදය පළ කරන අතරතිරසර විසැඳුමක් උදෙසා ධීවර ගැටලුව ආමන්ත්‍රණය කිරීමෙහිලා සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව පිළිබඳවද අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් භාවිතයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමයෙන් (බොටම් ට්‍රෝලිං) මඟින් සිදුවන යළි පිළිසකර කළ නොහැකි පාරිසරික හානිය හඳුනාගනිමින්එම භාවිතය නැවැත්වීමටත් නීතිවිරෝධීවාර්තා නොකරනලදනියාමනය නොකරන ලද ධීවර කටයුතු නැවැත්වීමටත් පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටියා.

 පුහුණුවීම් හා ශක්‍යතා වර්ධනය සහ ද්විත්ව බදුකරණය වැළැක්වීම යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් අද දින හුවමාරු කර ගනු ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

 අන්‍යොන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ලෙසට මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට ආරාධනා කළා. ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා.

 එළැඹෙන වසර ගණනාවක් තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට මා තුළ කිසිදු සැකයක් නැති, ඉන්දියාව සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා” ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...