බංගලාදේශ සන්රයිස් බැඩිමින්ටන් සටනට ශ්‍රී ලංකාවෙන් 12 ක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 16 ,(LNW)කොළඹ :

බංගලාදේශ බැඩ්මින්ටන් සම්මේලනයේ අධික්ෂණය සහ මෙහෙයවීම මත ඩකා නුවර දී දෙසැම්බර් 17 වන දා සිට 21 වන දා දක්වා පැවත්වීමට නියමිත YONEX-SUNRISE Bangladesh International Challenge 2024 බැඩිමින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවීමට නියමිතය.පිරිමි කේවල අංශයේදී විරේන් නෙත්තසිංහ,තිළිණ රාජකරුණා සහ දුමිදු අබේවික්‍රම සහභාගි වන අතර කාන්තා අංශයේ කේවල තරගවලදී මෙවර ශ්‍රී ලංකා ජාතික සූරතාවලියේ යුගල සූරතාවය දිනා ගත් වරංගනා ජයවර්ධන සහ රශ්මි මුදලිගේ සහභාගි වීමට නියමිතව ඇත.ඊට අමතරව කේවල අංශයෙන් පංචලී අධිකාරි ද තරග බිමට එක් වෙයි.


පිරිමි යුගල අංශයේදී දිනුර රශ්මික සහ සියත් සේනාරත්න තරග බිමට එකතු වෙන අතර පිරිමි යුගල අංශයේ තරගාවලියේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින යුගලය වන්නේ ඔෂාමික කරුණාරත්න සහ තුසිත් පල්ලියගුරුයි.කාන්තා යුගල අංශයේදී වරංගනා සහ රශ්මි තරග වඳින අතර,තව ද මේ වන විට විශාල අවධානයක් දිනා සිටින ඉසුරි අත්තනායක සහ සිතුම් දි සිල්වා ද එක්ව සිටින අතර ඔවුන් දෙදෙනා මේ තරගාවලියේ අංක දෙකට ශ්‍රේණිගතව සිටීම ද විශේෂත්වයකි.


මිශ්‍ර යුගල තරග සටහනේ ද ශ්‍රී ලංකා යුගලයක් දකින්නට හැකි අතර ඔවුන් දෙදෙනා පංචාලි අධිකාරි සහ තුසිත් පල්ලියගුරුයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...