රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):
ඊයේ දිනයේදී Vanuatu හි ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයත් සමග ප්‍රබල පසු කම්පන කිහිපයක් ද ඇතිව තිබෙන බව පැවසේ. ඒ හේතුවෙන් දෙසීයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බව වාර්තා වේ.
එමෙන්ම මෙම භූමිකම්පාවෙන් ඇමරිකාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ නවසීලන්තයේ තානාපති කාර්යාල ඇතුළු ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇත,
මේ වනවිට පෝට් විලා අගනුවර විදුලිබල හා දුරකථන සේවා ද ඇනහිට තිබෙන අතර, භූමිකම්පාවේ බලපෑම් හේතුවෙන් පුද්ගලයන් 116,000ක් පීඩාවට පත් ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.