පා.මන්ත්‍රී අර්චුනාට නඩු පිට නඩු!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ (LNW):

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් ,යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය අධිකරණයේදී අපහාස නඩුවක් ගොනු කොට ඇත.

ඒ පා.මන්ත්‍රී අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමිනි.

රෝහල් අධ්‍යක්ෂකවරයා මෙලෙස අපහාස නඩුවක් ගොනු කරනු ලැබුවේ, යාපනය මහ රෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක ටී.සත්‍යමූර්ති වෛද්‍යවරයාට අපහසාත්මක අයුරින් බැණවැදීම ආදී කරුණු සම්බන්ධයෙන් පසුගිය 17 වනදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

අදාල නඩුව මගින් රෝහල් අධ්‍යක්ෂක වරයා පවසා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට බැණවැදීම, තර්ජනාත්මක ස්වරූපයෙන් මෙන්ම අපහාස කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් තමන්ගේ කිර්තිනාමයට හානිවීම හේතුවෙන් මෙලෙස අපහාස නඩුවක් ගොනු කොට රුපියල් මිලියන 100 ක වන්දියක් ලබා ගැනීමට නියමිත බවයි. තවද, යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේද, සමාජ මාධ්‍ය මගින් හා විවිධ ස්ථානවල සිට පාර්ලිමේන්තුව තුළද අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට මෙන්ම යපනය ශික්ෂණ රෝහලේ කීර්තිනාමයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කර ඇති බවටද රෝහල් අධ්‍යක්ෂක වරයා විසින් අදාල නඩුව ගොනු කරමින් පෙන්වා දී ඇත.විශේෂත්වයක් වන්නේ, අර්චුනා මන්ත්‍රීවරයාට එරෙහිව මේ වන විට දිවයිනේ විවිධ පුද්ගලයින් විසින් නඩු 20 ක් පමණ ගොනු කොට තිබීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...