විරේන් සහ ඉසුරි – සිතුමි යුගලයත් අවසාන පූර්ව තරගවලට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 20 ,(LNW)කොළඹ :

බංගලාදේශයේ පැවත්වෙන YONEX-SUNRISE Bangladesh International Challenge 2024 තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට විරේන් නෙත්තසිංහ සමත් වුණා.එසේම මෑත කාලයේ ජාත්‍යන්තර මට්ටමේ අවධානය දිනා ගන්නට සමත් වී සිටින ශ්‍රී ලාංකේය කාන්තා යුගල ක්‍රීඩිකාවන් වන ඉසුරු අත්තනායක සහ සිතුමි ද සිල්වා ද කාන්තා යුගල අවසාන පූර්ව තරගය සඳහා පිවිසෙන්නට සමත් වෙනවා.
විරේන් අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ ඩැරල් ෂෙන් ෂියාන් චෙව් වට 2-0 ට ලෙස පරාජයට පත් කළා.

එහි ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21-18 සහ 21-13 ක් ලෙසයි.විරේන්ට හෙට අවසාන පූර්ව තරගයේදී මෙම තරගාවලියේ අංක එකේ ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගතව සිටින ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 58 දරණ මැලේසියාවේ ලි ඩුක් පාට් හමුවීමට නියමිතව තිබෙනවා.
කාන්තා යුගල තරගවලදී ඉසුරු සහ සිතුමි අතින් පරාජයට පත් වුණේ අක්තාර් ජෙස්මින් සහ අක්තාර සුමි යි.එම තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21-6 සහ 21- 7 ක් ලෙසයි.විනාඩි 20 ක් තුළ එම ජයග්‍රහණය සහතික කරගත් ඉසුරි සහ සිතුමි අවසාන පූර්ව තරගයේදී හමුවීමට නියමිතව ඇත්තේ තායිලන්තයේ කොඩ්චැප්රෝන් චායිචානා සහ පානාවී පොලියම් යන දෙදෙනායි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...

පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් හය දෙනෙකු එංගලන්ත අධිකරණයක් විසින් නිවැරදිකරුවන් කර නිදහස් කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 දී ඊශ්‍රායල...

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...