භූමියේ යථාර්ථය තේරුම් ගන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ – රනිල්

Date:

මේ වන විට භූමියේ යථාර්තය තේරුම් ගෙන වැඩ කළ යුතු අතර එසේ නොකර මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දේශපාලන වෙනසක් අවශ්‍ය බවට විශාල කැළඹීමක් ඇතිව තිබෙන අතර දේශපාලකයන් ලෙස එයට සවන් දිය යුතු බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

අද දවස වන විට තරුණ තරුණියන් එළියට පැමිණ ආණ්ඩුව වෙනස් කළ යුතු බවට පැවසුවද පාර්ලිමේන්තුව තුළ මේ ගැන නිසි තීරණයක් නැති බවත් ආණ්ඩුව තුළත් ඇත්තේ වෙනස්,වෙනස් මත බවත් ඇතැමුන් ජනාධිපති අවශ්‍ය බව කියන විට තවත් සමහරු අගමැති අවශ්‍ය බවට පවසමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් පවතින ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවෙන් ස්ථාවර බවක් පෙනෙන්නට නැති බව වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ පස්වරුවේ කොළඹදී පැවති වැඩසටහනකදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...