මෛත්‍රී – විමල් සන්ධානයේ නියෝජිත පිරිසක් චීන තානාපති හමුවෙයි

Date:

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විමල් – ගම්මන්පිල – වාසු ඇතුළු කුඩා පක්ෂ සන්ධානයේ නියෝජිත පිරිසක් ඊයේ (22) දිනයේදී මෙරට චීන තානාපති චී සෙන්හොංග් මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇති අතර ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය ලබාදෙන්නැයි එම මන්ත්‍රී කණ්ඩායම චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ.

අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...