ආචාර්ය පට්ටම : ඇමති හර්ෂණගේ පැමිණිල්ලෙන් සභානායක බිමල්ගේ ලේකම් අමාරුවේ ?

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි තමන්ගේ නමට ඉදිරියෙන් “ආචාර්ය” (Dr.) පදවියක් සටහන් කිරීම තුළින් තමන්ට අපහාසයක් සිදුව ඇති බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් සිදුකර තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර පෙරේදා (දෙසැම්බර් 20) ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කර තිබිණි.

එහිදී අනාවරණය වී ඇත්තේ හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ආචාර්ය පදවියක් යොදා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන් තොරතුරු මත බවයි.

එම ලිපිය නිකුත් කර ඇත්තේ සභානායක ලේකම්වරයා විසිනි.

පාර්ලිමේන්තුවේ සභානායකවරයා වශයෙන් කටයුතු කරන්නේ අමාත්‍ය බිමල් රත්නායක මහතා ය.

ඒ අනුව, දැනට පෙනෙන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේම අමාත්‍ය හර්ෂණ නානායක්කාර CIDයට කළ පැමිණිල්ල නිසා ආණ්ඩු පක්ෂයේම සභානායක, අමාත්‍ය බිමල් රත්නායකගේ ලේකම්වරයකු අමාරුවේ වැටෙන්නට යන බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...