චිත්‍රපට සංස්ථාවේ නව සභාපති චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව!

0
673

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී, අද (23) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා වැඩ භාරගනු ලැබූ බව වාර්තා වේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, මාධ්‍ය ලේකම් රුවන් ලියනාරච්චි, ජාතික චිත්‍රපට සංංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී කලුපහන, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් මංජුල සිරිසෝම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිබව සඳහන් වේ.