කොළඹ වරායේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමට නව පියවරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ (LNW):

කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව බහාලුම් පර්යන්ත 02ක් සහ රජය සතුව බහාලුම් පර්යන්ත 02ක් වශයෙන් බහාලුම් පර්යන්ත 04ක් ක්‍රියාත්මක අතර, මෙම බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පැවසේ.

එහිදී ප්‍රති නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීම ද ඇතුළත්ව එක් පර්යන්තයක් හරහා දිනකට බහාලුම් 5,000 – 10,000 අතර ප්‍රමාණයක් පරීක්ෂා කර නිදහස් කරනු ලබන අතර, රේගු නිලධාරීන් විසින් පිටකිරීමේ දොරටුවලදී පරීක්ෂා කිරීමට අවශ්‍ය බහාලුම් තීරණය කර එම බහාලුම් භෞතික වශයෙන් පරිලොකනය පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

නමුත්, පසුගිය කාලයේදී නිෂ්කාෂන ක්‍රියාවලිය තුළදී විවිධ ගැටළු මතුවීම හේතුවෙන් රේගු නිලධාරින් විසින් දෛනිකව බහාලුම් වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කිරීමට සිදුව ඇති අතර වරායට පැමිණෙන නෞකා වලද යම් වැඩිවීමක් දක්නට ලැබූ අතර, එයට විසඳුමක් හා බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා මෙන්ම ප්‍රමාදයකින් තොරව බහාලුම් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...