සටහන: සශිකලා මධුෂාණි,
යුග යුග ගණනාවක් රසිකයන් අතර ජනාදරයට පත් වෙමින් සිය මියුරු මියසියෙන් රසික සිත් සනහා ලු සනහා නිවාලූ නිවා සුවපත් කරලු ප්‍රියා සුරියසේන නම් අග්‍රගන්‍ය සංගීතවේදියා අද(24) අප අතරින් සදහටම නික්ම ගොස් ඇත.
මේ කෙටි මතකාවර්ජනය ඔහු ගැනයි,
සඳ තාරකා හඬාවී
කළු මීදුමෙන් එහා..
ඔබ හා ගෙවු අතීතේ
මතකේ ලියා තියා….
1952 ඔක්තෝබර් 27 ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රදේශයේ එම්එල් ඩී ජෙමිස් ලියනගේ හා ඒ.එම්.පොඩි මැණිකේට දාව උපත ලද මැදවල ලියනගේ දොන් සරත්චන්ද්‍ර ප්‍රියදර්ශි සූරියසේන ලියනගේ හෙවත් ප්‍රිය සුරියසේන මියයන් විට 72වන වියේ පසුවිය.
ඔහු සිය මුලික අධ්‍යාපනය මූලික අධ්‍යාපනය ලැබූ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් සිදු කරන ලද අතර ඔහු ‘හේවුඩ්’ රජයේ සංගීත විද්‍යාලයෙන් පවත්වන බාහිර විභාගවලට පෙනී සිට සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගෙන ඇත. අනතුරුව 1971 දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ඒ සමගම වේදිකා ගායකයෙකු වශයෙන්ද කටයුතු කර ඇත.
1972 වසර වන විට A-ශ්‍රේණියේ ගුවන් විදුලි ගායකයෙකු ලෙසද සිය සංගීත දිවිය ආරම්භ කළ ප්‍රියා සුරියසේන 1968 සිය ප්‍රථම ගුවන් විදුලි ගීතය වන අඳුර අඳුර මගේ ගීතය පටිගත කරන ලදී.
අඳුර අඳුර මගේ..
සොඳුර සොඳුර මගේ..
නොයනු මැනවි දා..
තනිකර එළියේ..
අනතුරුව ගායන ක්ෂේත්රයට පිවිසි ප්‍රියා සුරියසේනයන් සඳ තාරකා, කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා.,අඳුර අඳුර මගේ, කිරි සයුරේ රැළි, සුදු පරවි රෑන සේ, රටකින් එහා ඉගිලී, මොහොතක සුව දෙන , ඇත රන් විමන් මැදින්, ලිහිණින් රෑන පියා සලන්නේ, හෙට දවසේ ඇප දෙදෙනා, කඳන් යන්නම්, ගෙලවට බැන්දවූ මුතු පොටේ, මේ පාලු මාවතේ, හැරදා විමන්, මගේ ළමැද සුව යහනක්, මී කැකුණ කැලේ , මගේ සැමරුම් පොතේ, ආපසු එනවා, ආදි වශයෙන් ඉමහත් ජනප්‍රිය ගීත රාශියක් ගයා ඇත.
සිතකින් නොවේ කිසිදා ..
හැරයන්නෙ මා ..
සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, ප්‍රේමකිර්ති ද අල්විස්, ක්ලැරන්ස් විජේවර්ධන, ලාල් තේනබදු, සහ රංජිත් පෙරේරා යන ප්‍රවීණ සංගීත අධ්යක්ෂවරුන් ඔහුගේ ගීත සඳහා සංගීතය මෙහෙය වූ අතර ඔහු විසින්ම ආදරණිය නේරංජනා, හෙට දවස, මට වාසනා, සඳ මා ගවයි, මගේ සමරුම් පොතේ, එකම විදියේ, මෝහතක සුව දෙන, ගෙලවට බැන්ද වූ වැනි ගීත සඳහා සූරියසේන සංගීත අධ්‍යක්ෂණය ද කර ඇත.
චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස සිනමා ගී ගායනයට පිවිසෙන ප්‍රියා සුරියසේන ‘හරියනකොට ඔහොම තමයි’ ‘ මල් කැකුළු’, ‘සිකුරු දසාව’ ආදි චිත්‍රපට සඳහා ගීත ගායනයෙන් දායක විය.
වසරක් නොවේ සදා
හිඳිමි බලා
පෙරදා ලෙසේ යළී
හමුවේවිදෝ ….
සිය මියුරු සුගායනයෙන් රසික සිත් අමන්දානන්දයට පත් කළ ප්‍රියාගේ අවසන් කටයුතු 27වන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනු ඇති අතර ඔහුගේ ගීත ඔබේ මගේ හද සන්තානයේ සදාකාලිකවම ලගුම්ගනු ඇත.
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී…
ඉතින් ප්‍රියදර ප්‍රියා ;
කෙලෙස කියන්නද මං අප සිත් හඬන තරම් …
සුව නින්දක් ඔබට !