මහර සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය : නඩුව අවසන් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2020 නොවැම්බර් 29 වනදා කොවිඩ් වසංගත තත්වය අතරේ, බන්ධනාගාරය තුළ කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙසත් කොවිඩ් වැළඳුණු රැඳවියන්ට ප්‍රතිකාර කරන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධියට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවා ඇති ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ අදාළ සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර යන රැඳවියාගේ බිරිඳ වන එම්. ජී. ලසන්ති මහත්මිය විසිනි.

පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැලිසර මහෙස්ත්‍රාත්වරයා නම්කර ඇත.

පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ ඉහත සිද්ධියෙන් මියගිය සිරකරුවන්ගේ මරණ පරීක්ෂණය අවසානයේදී මරණ “අපරාධයක්” බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ අතර එසේ තිබියදී පසුගිය අගෝස්තු මස 30 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩු කටයුත්ත අවසන්කර නඩු ගොනුව වසාදමන ලෙස දැනුම් දී තිබෙන බවයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වන වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ ඊට අදාළ ලඝු නොවන නඩු විභාගය අවසන්වීමෙන් පසුව වුවත් මෙම සිද්ධියේදී ලඝු නොවන නඩු විභාගයක් ආරම්භවීමටත් පෙර නීතිපතිවරයා විසින් නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව මහර බන්ධනාගාර ගැටුම්වලින් මරණයට පත් වූ රැඳවියන්ගේ නඩු කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතියේ ආධිපත්‍ය සුරැකීම පිළිබඳව නීතිපතිවරයාට පැවරී තිබෙන වගකීම පැහැර හැරීමක් බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එහෙයින් මහර බන්ධනාගාර රැඳවියන්ගේ මරණවලට අදාල නඩු කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඊට අමතරව එම විමර්ශන කටයුතු යළි ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට බලකිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...