ට්‍රම්ප්ට මෙවර ජාත්‍යන්තර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ඔහුගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක පවසයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දෙවන ධුර කාලයක් වෙනුවෙන් බලයට පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ ප්‍රතිපත්ති වෙනුවෙන් අවධානය යොමු කිරීමට ඇති නොහැකියාව හේතුවෙන් බොහෝ දුරට ජාත්‍යන්තර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ප්‍රකාශ කර තිබේ.

මාස 17 දී ට්‍රම්ප්ගේ දීර්ඝතම ජාතික ආරක්ෂක උපදේශකයා වූ ජෝන් බෝල්ටන්, ඔහුගේ දැනුම නොමැතිකම, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අඩු අවදානය, කරුණු කෙරෙහි ඇති උනන්දුව හෝ උපාය මාර්ග පිළිබඳ දැඩි විවේචන ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ නමුත් මැතිවරණ වේදිකාව තුළ ට්‍රම්ප් සඳහන් කළ ගාසා තීරයේ සහ යුක්රේනයේ ගැටුම්වලට ඉක්මන් අවසානයක් ගෙන එන අතරම තුන්වන ලෝක යුද්ධයක් වැළැක්විය හැක්කේ තමාට පමණක් බවට මේ වසරේ මැතිවරන ව්‍යාපාරයේදී ට්‍රම්ප්ගේ ප්‍රකශ සම්බන්ධයෙන් බෝල්ටන් සඳහන් කර තිබුණේ, මේ සියල්ල ට්‍රම්ප්ගේ පුරසාරම් දෙඩිමක් පමණක් වන බවයි.

76 හැවිරිදි බෝල්ටන්, 2003 ඉරාකය ආක්‍රමණයට සහාය දුන් දිගුකාලීන විදේශ ප්‍රතිපත්ති දැඩි මතධාරියෙකි. ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තු අවි සාකච්ඡාකරුවෙකු ලෙස සහ රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්ගේ පරිපාලනයේ සේවය කිරීමෙන් පසු මාස ​​16 ක් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා විය.

ඉන් අනතුරුව, බෝල්ටන් 2018 අප්‍රේල් සිට 2019 සැප්තැම්බර් දක්වා ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකයා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය