ගුවන් යානයක් කඩා වැටේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබේ.

එය අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බව හඳුනාගෙන ඇති බව පැවසේ.

Azerbaijan Airlines (J2) 8243 ගුවන් යානය Baku සිට රුසියාවේ Chechnya හි Grozny දක්වා ගමන් කරමින් තිබූ අතර, Grozny හි අයහපත් කාලගුණය හේතුවෙන් එය හරවා යවා ඇත.

ඛේදජනක ලෙස, එය කසකස්තානයේ Aktau ගුවන් තොටුපළ අසලදී කඩා වැටී ඇත.

ගුවන් සේවය විසින් තහවුරු කරන ලද පරිදි යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 72 කට අධික පිරිසක් ගමන් කළහ. කසකස්තානයේ හදිසි අවස්ථා අමාත්‍යාංශයට අනුව මගීන් හය දෙනෙකු පමණක් දිවි ගලවා ගත් බවත්, අනෙක් අය මිය ගිය බවට සැක කෙරේ.

ඇතැම් දර්ශන පෙන්නුම් කළේ ,යානය වේගයෙන් පහළට බැස ඇති අතර එය බලපෑමෙන් ගිනි බෝලයක් බවට පත්වන බවයි. අනතුරට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතින අතර, කාලගුණය සහ මෙහෙයුම් අභියෝග සැක සහිත සාධක වන බව වාර්තා වේ.

කසකස්තානයේ Aktau නගරය ආසන්නයේදී මෙම කඩා වැටීම සිදුව ඇතති අතර, වැඩිදුර විස්තර තවමත් වාර්තා වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...