ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම ගැන CID විමර්ශන අරඹයි!

Date:

කොළඹ LNW:දේශපාලන බලය භාවිතා කරමින් ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වෙයි.

“මහජන දේපල ආරක්ෂා කිරීමේ නීතීඥයෝ” නමැති සංවිධානය විසින් පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශනය අරඹා ඇති බව සඳහන්. .

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි කියවුණේ.

හිටපු රජයන්හි මැති ඇමතිවරු 30කට අධික ප්‍රමාණයක් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇතැම් පාර්ශව පවසා තිබුණේ එම අරමුදල් නීත්‍යානුකූලව ලබාගත් බවයි.

කෙසේවෙතත් එම අරමුදලින් ප්‍රතිලාභ ලැබෙන්නේ අඩු අදායම් ලාභීන් වෙතය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...