රනිල් අභාවප්‍රාප්ත මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (දෙසැම්බර් 27) දිනයේදී එක්වී තිබේ.

මේ වනවිට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි අගනුවරදී එසේ මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අතර මන්මෝහන් සිං මහතාගේ බිරිඳ වන ගුර්ශරන් කෞර් කෝලො මහත්මියට සිය ශෝකය ද පළ කර ඇත.

එමෙන්ම ඉන්දියාවේ තවත් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන, 2018 වසරේදී අභාවප්‍රාප්ත වූ අතල් බිහාරි වජ්පායි මහතාගේ අනුස්මරණ උත්සවයක් ද අදට යෙදී ඇති අතර එහි ආරාධිත ප්‍රධාන දේශනය ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...