ඉන්දියාවේ හිටපු අගමැතිගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝකය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ X පණිවිඩයක් නිකුත් කරමින්, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇත.

එම පණිවිඩයේ මෙලෙස සටහන් වී තිබුණි .

“මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ පවුලේ අයට සහ ලොව පුරා ඔහු පිළිබඳ භක්ත්‍යාදරයක් දක්වන අසංඛ්‍යාත සහෘද ජනතාවට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

දූරදර්ශී නායකයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ මඟපෙන්වීම ඉන්දියාවට පමණක් සීමා නොවීය. 2004 සිට 2014 දක්වා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කළ අධ්‍යාපන අයිතිය පිළිබඳ පනත සහ මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා වැඩසටහන වැනි පරිවර්තනීය ප්‍රතිපත්ති තුළින් සමානාත්මතාව සහ මැදිහත්වීම සඳහා වන ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබිඹු වේ.

ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් කැප වී කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං මහතා, දිගු කාලීන සහයෝගිතා සංධාන ආරම්භ කිරීමට සිය සහයෝගය දැක් වු අතර, BRICS වැනි සංවිධානයන් සඳහා ද සිය දායකත්වය සැපයීය.

ඉන්දීය සහ එක්සත් ජනපද න්‍යෂ්ටික ගිවිසුම වැනි ගිවිසුම් හරහා ඔහුගේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රිකභාවය විද්‍යාමාන වේ. ඔහුගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද නිරන්තරයෙන් ආදර්ශයක් හා දිරිගැන්වීමක් වනු නිසැකය. එතුමාගේ ආත්මයට මෝක්ෂය අත් වේවා! ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...

රජය පොරොන්දු ඉටු නොකර ජනතාවගේ බලාපොරොත්තු සුන් කරලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:රජය නිතරම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව...

අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි...

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...