ලයන් බියර් සමාගමෙන් DCSL සමාගමට එරෙහිව පැමිණිල්ලක් !

Date:

ලයන් බෲවරි සිලෝන් සමාගම විසින් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ, මත්පැන් අලෙවිසැල් හිමියන්ට බලපෑම් කිරීමක් සම්බන්ධයෙනි.

දීර්ඝ කාලයක් තිස්සේ අරක්කු නිෂ්පාදන පමණක් සිදුකළ DCSL සමාගම මේ වනවිට බියර් නිෂ්පාදනය ද ආරම්භ කර තිබේ. DCSL අරක්කු වර්ග මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම DCSL බියර් නිෂ්පාදන ද මිලට ගත යුතු බවට එම සමාගම මත්පැන් අලෙවිසැල්වලට අයුතු ලෙස බලපෑම් කරන බවටයි ලයන් බියර් සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර ඇත්තේ.

ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ලයන් බියර් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි වාහන ලොවේ දැවැන්තයා අමෙරිකාවේ ටෙස්ලා සමාගම අභිබවා ගිය චීනයේ  BYD!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : විදුලි වාහන ලොවේ...

මිලියන ගණනක මත්ද්‍රව්‍ය 2025 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : පසුගිය වසරේ සිදුකළ...

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා..

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ...