දේශීය කර්මාන්ත රැකගන්න අද මට මුදල් අමාත්‍යාංශය එක්ක රණ්ඩු කරන්න වෙලා – හඳුනෙත්ති ඇතුළේ කචල් එළියට දායි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව දැන් තමන්ට අරගල කිරීමට සිදුව ඇත්තේ රාජ්‍ය සේවයේ පැරණි නිලධාරීන් සමග බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මං මේ දේ අවංකවම කියන්න ඕනෙ, ටිකක් රිදෙයි රිදෙන අයට. ඒත් ඇත්ත කතා කරන්න ඕනෙ. අපි ආණ්ඩු බලය ගන්න කලින් අපට එළියෙ, පාරෙ සටනක් තිබුණා නාස්තිය දූෂණය හොරකම වංචාවට එරෙහිව. දැන් අපි ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා ඉන්නවා. ඔබ දන්නවාද දැන් අපට තියෙන අරගලය කාත් එක්කද තියෙන්නෙ කියලා ? අපට දැන් අරගලය තියෙන්නෙ අර පහුගිය ආණ්ඩුවල පරණ පුරුදු විදියට වැඩකරපු, තීන්දු තීරණ ගත්ත, ජනතාවට සහන දෙන්න නොදී කටයුතු කරපු, ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න කටයුතු කරපු නිලධාරීන් එක්ක. දැන් ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මොකක්ද, පරණ පුරුද්දට කරපු දේවල්වලින් අයින් වෙන්න බැරිකම. ඔවුන් අලුත් ආණ්ඩුවේ ජනවරමේ තරම තේරුම් ගන්නෙත් නෑ, ජනවරමේ ස්වභාවය තේරුම් ගන්නෙත් නෑ. මේ අනුර දිසානායක සහෝදරයාට ලැබිලා තියෙන ජනවරම ලැබිලා තියෙන්නෙ ඔවුන් පහුගිය ආණ්ඩුත් එක්ක වැඩකරද්දී අනුගමනය කරපු ප්‍රතිපත්තිවලට විරුද්ධව කියලා තාම ඒ නිලධාරීන්ට තේරුම් ගන්න අමාරුයි. සමහර වෙලාවට අපට තේරුම් කරන්නත් අමාරුයි. ඒක නිසා ඔවුන් දැනටත් අපිත් එක්ක තර්ක කරනවා, හැපෙනවා, රණ්ඩු කරනවා, මොකටද ? ඔවුන් ගත්ත පරණ තීන්දු වෙනුවෙන්. දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න අද අපට මුදල් අමාත්‍යාංශය එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙනවා. මම මේ ඇත්ත කියන්නෙ. බදු ප්‍රතිපත්ති එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙනවා. මම ඒ අභියෝගය භාරගන්න ලෑස්තියි. මම මේ ඊයෙ පෙරේදා අපෙ අමාත්‍යාංශයේ ලේකම්තුමියත් එක්ක ගිහිල්ලා කතා කළා නිලධාරීන් එක්ක. අපෙ දේශීය නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කරගන්න පුංචි වෙනස්කම් ටිකක් කරලා දෙන්න කියලා. ඔවුන් ඉන්නෙ පරණ තැනමයි. ඔවුන් ලෑස්ති නෑ වෙනස් වෙන්න. අපි මේක කොහොමහරි වෙනස් කරනවා. මම ආයෙත් කියන්නෙ වෙනස් වෙන්න බැරි මිනිස්සුන්ට දැන් වෙනස් වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඔවුන් වෙනස් වෙන්න ලෑස්ති නැත්නම් ඔවුනුත් වෙනස් කරගෙන අපි මේ ගමන යන්න ඕනෙ”

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 28) පැවති “ශිල්පාභිමානී” ජාතික හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...