S & P ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නොදමයි. හේතුව ශ්‍රී ලංකන් ගුවන් සේවය !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ( S & P ) ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නොදැමීමට තීරණය කර තිබේ.

ඒ, ලොව අනෙකුත් ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක වන ෆිච් රේටිංස් සහ මූඩීස් ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ණය පැහැර හැරීමේ තත්වයෙන් මුදවමින් ඉහළ දමා ඇති පසුබිමක් තුළය.

සිය තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් S & P ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජය අසමත් වීම තුළ තමන් මෙම තීරණයට එළඹුණු බවයි. එම බැඳුම්කර ද ප්‍රතිව්‍යුහගත කළ පසුව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට තමන් කටයුතු කරන බවත් S&P Global Rating ආයතනය නිවේදනය කර ඇත. එතෙක් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ණය ශ්‍රේණිගත කිරීම ‘SD/SD’ (selective default) තත්වයේම පවතිනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් පැරණි ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරමින් ශ්‍රී ලංකා රජය මෑතකදී අලුතින් නිකුත් කළ ඇමරිකානු ඩොලර් බිලියන 12.55ක බැඳුම්කර CCC+ ශ්‍රේණිය යටතේ ශ්‍රේණිගත කිරීමට ද S&P Global Rating ආයතනය කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...