සහෝදරයා ළඟ එහෙම නම් මනූෂ ළඟ කොහොම ඇත්ද? හිටපු ඇමති මනූෂට එරෙහිවත් පැමිණිල්ලක්!

කොළඹ LNW:කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරක් වන තිසර නානායක්කාර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට‍න අතර තිසර නානායක්කාරගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 27 ක මුදලක් පවතින බවද වාර්තා වී තිබුණි.

තිසර නානායක්කාර හිටපු අමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන සමයේ දී ඔහුගේ කාර්ය මණ්ඩලයටද සම්බන්ධ වී කටයුතු කර ඇත.

මෙම තත්ත්වය මත මනුෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ද වහාම විමර්ශනයක් සිදු කළ යුතු බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ලැබී ඇත්තේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන කාමන්ත තුෂාර නැමැත්තා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති බවද සඳහන්.

කෙසේවෙතත් මනුෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා මේ වන විට දිවයිනෙන් බැහැර වී සිටින බවද වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...