සහෝදරයා ළඟ එහෙම නම් මනූෂ ළඟ කොහොම ඇත්ද? හිටපු ඇමති මනූෂට එරෙහිවත් පැමිණිල්ලක්!

කොළඹ LNW:කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරක් වන තිසර නානායක්කාර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට‍න අතර තිසර නානායක්කාරගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 27 ක මුදලක් පවතින බවද වාර්තා වී තිබුණි.

තිසර නානායක්කාර හිටපු අමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන සමයේ දී ඔහුගේ කාර්ය මණ්ඩලයටද සම්බන්ධ වී කටයුතු කර ඇත.

මෙම තත්ත්වය මත මනුෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ද වහාම විමර්ශනයක් සිදු කළ යුතු බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ලැබී ඇත්තේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන කාමන්ත තුෂාර නැමැත්තා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති බවද සඳහන්.

කෙසේවෙතත් මනුෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා මේ වන විට දිවයිනෙන් බැහැර වී සිටින බවද වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...