දකුණු කොරියාවේ ජනාධිපති නාඩගම

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක්-යෙයෝල් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් දකුණු කොරියානු පොලිසිය හා ජනාධිපති ආරක්ෂක කණ්ඩායම සමඟ පැය ගණනක් පැවති ගැටුමකින් පසු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ගැටුමින් අනතුරුව දූෂණ විමර්ශන කාර්යාලය (CIO)නිවේදනය කර තිබුණේ,මේ සම්බන්ධ සමාලෝචනයකින් පසු ඉදිරි පියවර තීරණය කරන බවයි.

දෙසැම්බර් 3 වැනි දින කෙටි යුද නීතිය පැනවීම හා සම්බන්ධ යැයි කියන කැරැල්ල සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස එරට අධිකරණය විසින් යූන් සුක්-යෙයෝල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරණ ලද අතර වරෙන්තුව අවසන් වීමට පෙර යූන් අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින්ට ජනවාරි 6 දක්වා කාලය තිබේ.

කෙසේ නමුත්, අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමත් සමඟ දින ගණනාවක් තිස්සේ ජනාධිපති නිල නිවස ඉදිරිපිට යූන්ගේ ආධාරකරුවෝ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් කඳවුරු බැඳගෙන සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...