*
Tuesday, January 7, 2025
spot_img

Latest Posts

මඩ යට වැළලුණු වසර මිලියන 166කට පමණ පෙර දිවෙන ඩයිනොසෝර පා සටහන්!

රෂිකා හෙන්නායක , ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Oxfordshire ගල්වළක මඩ යට වැළලී තිබූ වසර මිලියන 166කට පමණ පෙර දිවෙන ඩයිනොසෝර පා සටහන් 200කට ආසන්න ප්‍රමාණයක් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

Oxfordshire හි Dewars Farm Quarry හි Oxford සහ Birmingham විශ්ව විද්‍යාල කණ්ඩායම් විසින් සිදු කරන ලද කැණීම, අවට ප්‍රදේශයේ තවත් සාක්ෂි සහිතව, ‘ඩයිනොසෝරයන් ගමන්ගත් මාර්ගයක’ කොටසක් වන පුළුල් ධාවන පථ පහක් බව අනාවරණය කර ගන්නා ලදී.

දිගම අඩිපාර දිග මීටර් 150 ට වඩා වන අතර, ඉන් හතරක් සෑදී ඇත්තේ දිගු ගෙල සහිත ශාකභක්ෂක (sauropods) ඩයිනෝසෝරයන් විසින් වන බවට විශ්වාස කෙරේ. එය මීටර් 18 ක් දක්වා දිග ඩිප්ලෝඩොකස්ගේ ඥාති සහෝදරයෙකුගේ බවයි පැවසෙන්නේ..

ඔක්ස්ෆර්ඩ් සහ බර්මින්හැම් විශ්ව විද්‍යාල විසින් 2024 ජූනි මස සතියක් පුරා පුද්ගලයන් 100කට වැඩි කණ්ඩායමක් කළ කැණීමක දී අඩි සලකුණු 200ක් පමණ අනාවරණය කර ගෙන ඇති අතර, ඡායාරූප 20,000ක් නිර්මාණය කර, ගුවන් ඩ්‍රෝන් ඡායාරූපකරණය භාවිතයෙන් මෙහි සවිස්තරාත්මක ත්‍රිමාණ ආකෘති ගොඩනඟා ගත් බව පැවසේ.

මෙම නව සොයා ගැනීම් 1997 දී ප්‍රදේශයේ සිදු කරන ලද සොයාගැනීම් හා සම්බන්ධ වන අතර, හුණුගල් කැණීමේදී අඩි සලකුණු 40 කට වඩා වැඩි ප්‍රමාණයක් අනාවරණය වූ බව වඩිදුරටත් වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan