ස්වාධීන කණ්ඩායම සමග විශ්වාසභංගය ගැන එකඟතාවකට ආවා. අපි අලුත් ආණ්ඩුවක් හදනවා – රාජිත

0
1230

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින පක්ෂ සමග මූලික එකඟතාවකට පැමිණීමට හැකිවූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“කොච්චර අසරණ තත්වයකට පත්වෙලාද කියතොත් අග්‍රාමාත්‍යතුමාම තමන්ට සහයෝගය දෙන මන්ත්‍රීවරුන් කැඳෙව්වාම එතෙන්ට ගිහිල්ලා තිබුණෙ 88 දෙනායි. 70ක් පමණ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරන්නවත් ගියෙ නෑ. මේ තත්වයට පත්වෙලා. දැන් මේ අනුව ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ ගෙන එනවා විශ්වාසභංග යෝජනාවක්. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂත් එක්ක කතා කරගෙන අපි ඊයෙ වෙනකොට අවසාන කෙටුම්පතට එකඟතාවය පළ කළා. අපට 113ට වඩා වැඩි ගණනක් අත්සන් තිබෙනවා. ඒක නිසා මේ ආණ්ඩුව යන්නෙ තව දවස් ගණනාවයි. ආපහු මම තමුන්නාන්සෙලාව හමුවෙනකොට අපි ආණ්ඩුවක් පිහිටුවලා අවසානයි, ඒක මතක තියාගන්න. අපි මුලින් දරපු ස්ථාවරය තමයි අපි ආණ්ඩු පෙරළන්න ආවාට ආණ්ඩුවක් හදන්න එන්නෙ නෑ කියලා. මොකද මේ විවිධ මතධාරීන් එක්ක ආණ්ඩුවක් කරගන්නේ කොහොමද කියන එක නිසා. නමුත් අවසානයේදී අපි එකඟතාවකට එමින් තියෙනවා දැන් අපිත් සහභාගී වෙන ආණ්ඩුවක් ගැන. මොකද ඒගොල්ලො කියනවා එහෙම නැත්නම් මේකට අතගහන්නෙ නෑ කියලා. ඒ නිසා ඒගොල්ලො කියන්නෙ මේක ඉවර කරලා එකට ආණ්ඩුවක් පිහිටුවමු කියලා”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති සමගි ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here