අරුණ පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත CIDයට කැඳවයි !

අරුණ පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

උතුරේ මහවිරු සමරු සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් අරුණ පුවත්පත විසින් වැරදි සහගත ලෙස පළකර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව සහ එම පුවත්පතේ පොලිස් සහ අධිකරණ වාර්තාකරු එස්. අස්ලම් මහතාව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

එම පුවතේම මාතෘකාව යෙදූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත මහතාව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...