LRC එකෙන් දුන්න ඉඩම් ගැන අලුතින් විමර්ශනයක් ඇරඹේ!

Date:

කොළඹ LNW:2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසන්නේ විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

කර්මාන්තවලට මෙන්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් ඉඩම් නිකුත් කර තිබුණද පසුගිය කාලයේ බෙදා දුන් හා පවරා ඇති ඉඩම් සම්බන්ධයෙන් විශාල ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”පහුගිය දවසක කැබිනට් එකෙන් තීරණයක් ගත්තා 2015 ඉඳලා මේ දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් ලබාදී තිබෙන්නේ කාටද ? මොන ව්‍යාපෘතිවලටද ? මොන පදනම යටතේ ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු LRC එකෙන් ඉඩම් දීම නවත්තන්න. අපි කඩිනමින් මේ පරීක්ෂණය කරලා, කාට ද මේ ඉඩම් දීලා තියෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් දුෂණ අක්‍රමිතා සිදුවෙලා ද කියලා පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...