ඊශ්‍රායල – පලස්තීන සටන් විරාම සාකච්ජාවලට බාධාව ඊශ්‍රායලයද?

Date:

කොළඹ LNW:හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින ඊශ්‍රායල ජාතිකයින් පිරිසක් නිදහස් කිරීම ගැන එකඟතාවකට පැමිණ නැති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලයෙන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

“හමාස් විසින් (ඊශ්‍රායල) ප්‍රාණ ඇපකරුවන්ගේ නම් ලැයිස්තුවක් මෙතෙක් මාරු කර නැත,” යනුවෙන් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් 34 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමිනි.

කෙසේවෙතත් හමාස් සංවිධානය රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබුණේ සටන් විරාම සාකච්ජාවල පළමු අදියර වෙනුවෙන් ඔවුන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් 34ක් නිදහස් කිරීමට අදාළව ලැයිස්තුවක් සාකච්ජා මේසයට ඉදිරිපත් කරන බවයි.

මේ අතර, ඊශ්‍රායලයේ රජයට අයත් Kan TV ඊයේ (05) වාර්තා කළේ, මොසාඩ් ප්‍රධානී ඩේවිඩ් බර්මියා, දැනට පැවැත්වෙන ගාසා සටන් විරාම සාකච්ඡාවලට සහභාගී වීම සඳහා අද (06) කටාරයට යන බවයි.

එම සකාච්ජාවලදී සටන් විරාම ගිවිසුමේ පළමු අදියර වෙනුවෙන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ලැයිස්තුවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සතියක කාලයක් අවශ්‍ය බවත් හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් තවදුරටත් ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවල අඩුවක් සිදුව නොමැති අතර කාන්තාවන් සහ ළමුන් දුසිම් ගණනින් ඝාතනය වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ වන විට ඊශ්‍රායලය විසින් යුද්ධයෙන් අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු වෙත එල්ල කරන ප්‍රහාර වැඩි වී තිබෙන අතර ඊට ගෝලීය ප්‍රජාවෙන් බලවත් විරෝධයක් එල්ල වුවද එම විරෝධතා මායිම් නොකරන බවක් ඊශ්‍රායලයේ හැසිරීමෙන් පෙන්නුම් කරමින් තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර හේතුවෙන් ගාසාහි මේ වන විට 46,000කට අසන්න පිරිසක් ඝාතනය වී ඇති බවද පලස්තීන වාර්තා පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...