Sheikh Hasina අත්අඩංගුවට ගැනීමේ දෙවන වරෙන්තුවක්!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තම පාලන කාලය තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චෝදනා මත, බංග්ලාදේශයේ අධිකරණයක් විසින් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමේ දෙවන වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හසීනා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මානව හිමිකම් කඩ කිරීමට එරෙහි අපරාධ චෝදනා මත දැනටමත් නිකුත් කර ඇති බව සඳහන් වේ.

බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ ප්‍රධාන අභිචෝදක පවසන්නේ ෂෙයික් හසීනා සහ ඇගේ හමුදා උපදේශක, හමුදා නිලධාරීන් සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇතුළු තවත් 11 දෙනෙකුට මෙම නව වරෙන්තුව නිකුත් කර ඇති බවයි.

බංග්ලාදේශ ආරක්ෂක නිලධාරීන් 500 කට අධික පිරිසක් ඇගේ පාලන සමයේදී , පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වන අතර, සමහරු වසර ගණනාවක් රහසිගත සිර කඳවුරුවල රඳවා තබා ඇති බවත් සඳහන් වන අතර, හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු වින්දිතයින් ඔවුන්ගේ දුක්ඛිත අත්දැකීම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...