මාලිමාවට වැලිවිටියේදී දැවැන්ත පරාජයක්. සජබ ප්‍රමුඛ විපක්ෂය 18න් 16ක්ම දිනයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ආසනයේ වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්ව තිබේ.

මෙම ඡන්ද විමසීම ජනවාරි 05 වෙනිදා පැවැත්වී ඇති අතර එහිදී සමූපකාර ප්‍රාදේශික 18න් 16කම බලය ලබාගැනීමට සජබ ප්‍රමුඛ විපක්ෂයට හැකිවී ඇති අතර ජාතික ජන බලවේගයට දිනා ගැනීමට හැකිවී ඇත්තේ ප්‍රාදේශික 02ක බලය පමණි.

ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් ප්‍රධාන පෙළේ මැතිවරණයක් හා සමානව අත් පත්‍රිකා සහ කාඩ්පත් මුද්‍රණය කරගෙන ගෙන්ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු ද සිදුකර තිබියදීත් ඔවුන් පරාජයට පත්වීම මෙහි ඇති විශේෂත්වය බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...