චීනයෙන් ටොන් මිලියන 20ක නව තඹ ආකරයක් සොයා ගැනේ!

Date:

කොළඹ LNW:Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව චීනය විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් නව තඹ ආකරයක් සොයා ගැනීමට පසුගිය දා සමත්ව තිබෙනවා.

චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙලෙස සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි.

වාර්තාවලට අනුව, Qinghai-Tibet සානුව ආශ්‍රිතව Yulong, Duolong, Julong-Jiama සහ Xiongcun-Zhunuo යන ටොන් මිලියන ගණනක ධාරිතාවකින් යුත් තඹ සම්පත් පදනම් ස්ථාන හතරක් ඇති අතර එහි සම්පත් විභවය ටොන් මිලියන 150 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

එහෙයින් මේ සානුව ගෝලීය මට්ටමේ තඹ සම්පත් පදනමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට අමතරව චීනයේ Heilongjiang හි තඹ ආකරයේ ද තඹ සම්පත් ටොන් මිලියන 3.65 ක් රැස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සොයා ගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය වීම විශේෂත්වයකි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ බාල එන්නත් තුළ විෂ බැක්ටීරියා සහ ලුණු – ජර්මනියේ පරීක්ෂණයකින් අනාවරණය වෙයි !

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී මිලදීගත් ප්‍රශ්නගත "ඉමියුනොග්ලිබියුලීන්"...

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...