උතුරු මැද සියලුම රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ විභාග නවත්වයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වැනි ශ්‍රේණියේ විභාග කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ, එම විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම කලින් පිටවී තිබීම හේතුවෙනි.

ජනවාරි 05 වනදා මධ්‍යම රාත්‍රිය වනවිට 11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි තමන්ට වාර්තා වූ අතර ඒ අනුව 06 වනදාට නියමිතව තිබුණු එම ප්‍රශ්න පත්‍රය අත්හිටවූ අතර එදින සවස් වනවිට තවත් ප්‍රශ්න පත්‍ර දෙකක් පිටව ඇතැයි වාර්තා වූ බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේ.

“ඊයේ මධ්‍යම රාත්‍රියේ පළවෙනි ආරංචිය ලැබුණා අද දවසට අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවෙලා කියලා. ඒ අනුව අපි අද අළුයමම ඒ විභාගයේ කටයුතු අත්හිටුවන්න කටයුතු කළා. අද හවස්වරුව වෙනකොට හෙට සහ අනිද්දා ට නියමිත විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පිටව ගොස් ඇති බවට කරුණු වාර්තා වුණා”

මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කළ බව පැවසූ ඒ මහතා මෙය සිදුවූයේ කෙසේද යන්න සොයාබලන බවත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...