කොළඹ කොටස් වෙළඳපොල අඛණ්ඩව දෙවැනි දිනටත් පල්ලම් බසී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළඳපොල අඛණ්ඩව දෙවැනි දිනටත් පසුබෑමක් ඊයේ (ජනවාරි 06) පෙන්නුම් කළේය.

ඒ අනුව ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 170.82 කින් පහළ ගොස් ඒකක 15,878.60 ක් ලෙසින් වාර්තා වූ අතර ඒකක 16,000 සීමාවෙන් යළිත් පහළට පැමිණියේය.

S&P SL20 මිල දර්ශකය ද ඊයේ දිනයේදී ඒකක 55.39 කින් පහළ ගොස් ඒකක 4804.94ක් වශයෙන් සටහන්ව තිබිණි.

අඛණ්ඩව දින 26ක් තිස්සේ ඉහළ ගිය කොටස් වෙළඳපොල මිල දර්ශක පහළ යාමක් වාර්තා වූයේ පසුගිය සිකුරාදා (ජනවාරි 03) දිනයේදී ය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 299.13ක දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...