රනිල්ගේ විදුලි ඇමති කංචන අනුමැතිය දුන් සූර්ය බලාගාර ව්‍යාපෘතියක ටෙන්ඩර් වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:පසුගිය රජය සමයේ සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයෛ් ඉදිකිරීමට යෝජිත සූර්ය බලශක්ති විදුලි බලාගාරයක් පිළිබඳ ව්‍යාපෘතියකදී සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් “ලාකීක මහජන එකමුතුව” විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලාකීක මහජන එකමුතුවේ කැඳවුම්කරු කෝනාර මුදියන්සේලාගේ නිහාල් ප්‍රේමතිලක මහතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇත.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් TR/REP&PM/ICB/2022/002/C යන අංකය යටතේ ජාත්‍යන්තර තරඟකාරී ලංසුකැඳවීම (International Competitive Bidding) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශතේ මඟපෙන්වීම මත සිදුකර තිබුණි.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් එම ව්‍යාපෘතිය දියත් කිරීමට කටයුතු සැලසුම් කොට තිබුන අතර ව්‍යාපෘතිය වන්නේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100, AC Solar PV බලාගාරයක් (ground mounted) ගොඩනැගීම,පවරාගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ(Build, Own & Operate – BOO) පදනම ඉදිකිරිම සමඟ කොටියාගල වත්තේගම සිට මොණරාගල ග්‍රිඩ් උපපොළ දක්වා 132kV සම්ප්‍රේෂණ පහසුකම් ඉදිකිරීමය.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ ලංසු ඉදිරිපත් කළ සමාගම් දෙක අතරින් වැඩිම ලංසුව ඉදිරිපත් කළ සමාගම් සමුහයයි.

රජයේ මැදිහත්වීමෙන් සිදුවන මෙවැනි ව්‍යාපෘතියකදී අඩු ලංසුවක් පැහැදිලිව දක්වා ඇති පසුබිමක වංචනික ලෙස වැඩි ලංසුව ඉදිරිපත් කළ පාර්ශවය වෙත ව්‍යාපෘතිය පිරිනැමීම පිළිබඳව ලාකීක මහජන එකමුතුව විසින් අදාළ පැමිණිල්ල සිදුකර ඇත.

පැමිණිලිකාර පාර්ශවය පවසන පරිදි ටෙන්ඩරයේ මූල්‍ය යෝජනාව හරහා මුල් අවස්ථාවේ ඉදිරිපත්කළ මිල ගණන් පසුව ටෙන්ඩරය හිමිවූ පාර්ශවය විසින් වෙනස් කිරීමටද කටයුතු කර ඇත.

එම ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රතික්ෂේපිත සමාගම විසින් ඉදිරිපත් ලංසුව කිලෝවොට් පැයක් සඳහා ඇමරිකන් ඩොලර් සත් 8 ක් වුව ද මෙම ව්‍යාපෘතිය
සඳහා තෝරාගෙන තිබුණු ලක්ධනවි සමාගම කිලෝවොට් පැයක් සඳහා ඇමරිකන් ඩොලර් සත 12.2ක් ලෙස ලංසුව ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඇමරිකන් ඩොලර් සත 4.2වැඩියෙන් ලංසුව ඉදිරිපත් කළ සමාගමට ව්‍යාපෘතිය පිරිනමා තිබේ. තවද එම ටෙන්ඩරය සම්බන්ධයෙන් යෝජනා ඇගයීමේදී ප්‍රතික්ෂේපිත සමාගම විසින් සම්ප්‍රේෂණ පද්ධතිය වෙනුවෙන් අර්ධ වාර්ෂික ගෙවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවද ඇමරිකන් ඩොලර් මිලියන 0.890කි.නමුත් ටෙන්ඩරය හිමිවූ පාර්ශවය ඒ පිළිබඳවද ඉදිරිපත් කර ඇත්තේ වැඩි ලංසුවකි. එය ඇමරිකන් ඩොලර් මිලියන 1.666ක් ලෙස දැක්වෙයි. එය අනෙක් තරඟකාරී සමගම විසින් ඉදිරිපත් කළ ලංසුව හා සැසඳීමේ දී දෙගුණයකට ආසන්න මුදලකි.

මෙහිදී දැක්විය යුතුවන තවත් කරුණක් වන්නේ ටෙන්ඩරයේ මූල්‍ය යෝජනාව හරහා මුල් අවස්ථාවේ ඉදිරිපත්කළ මිල ගණන් පසුව ටෙන්ඩරය හිමිවූ පාර්ශවය විසින් වෙනස් කිරීමට කටයුතු කර ඇත්තේද කැබිනට් අනුමැතියද සහිතව වීමයි.

මේ සම්බන්ධයෙන් අංක MOPE/SEC/COM/2023 දරණ 2023/07/06 දින කැබිනට් සංදේශ අංක 26/2023/PE දරන හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ගේ අත්සනින් යුත් ලිපිය හරහා උක්ත ටෙන්ඩරය ලබාගත් සමාගමේ මිල ගණන් වෙනස් කිරීමද අනුමත කර තිබේ. එහිදී ඔවුන් විදුලි ඒකකයක මිල ඇමරිකන් ඩොලර් සත්‍ 9.894 දක්වා අඩුකර ඇති නමුත් සම්ප්‍රේෂණ පද්ධතිය වෙනුවෙන් අර්ධ වාර්ෂික ගෙවීම පිළිබඳව මුදලක් ඉදිරිපත් කර නැත. ඉන් අනතුරුව එම ලිපිය තුළම විදුලි ඒකකයක මිල ඇමරිකන් ඩොලර් සත 8ක් ලෙස අඩුකර ඇති නමුත් එම අඩුකරන ලද මුදල නැවත ව්‍යාපෘතිය තුළින්ම උපයා ගැනීම සඳහා සම්ප්‍රේෂණ පධතිය වෙනුවෙන් අර්ධ වාර්ෂික ගෙවීම පිළිබඳව සඳහන් වන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 2.288ක් ලෙස දැක්වීමට කටයුතු කර ඇති බවට පැමිණිලි පාර්ශවය චෝදනා කර සිටියි.

එම මුදල ටෙන්ඩරය සඳහා මිල යෝජනා කළ අනෙක් සමාගමේ මිල මෙන් 2.5 ගුණයකටත් වැඩි මිලක් ලෙසයි එම සමාගම පවසන්නේ.

එම කැබිනට් සංදේශයේ සඳහන් කරුණු එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අත්සන් කර එම අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යටතේ වන 2023/07/12 දින නිකුත් කළ ලිපිය මඟින් තහවුරු කර ඇත. එවැනි අත්තනෝමතික ක්‍රියාවක් ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව ආශීර්වාදය සහිතව කළ පමණින් එහි වංචනික බවෙහි වෙනසක් සිදුවන්නේ නැත. සාමාන්‍ය පිළිගැනීමට අනුව ටෙන්ඩරයක් කැඳවීමක් කළ පසු නැවත එය වෙන කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් මෙම ටෙන්ඩරයේදී එය සිදුව ඇති හෙයින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පැමිණිලි පාර්ශවය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...