සවාටි කික් බොක්සිං පුහුණුකරුවන්ට ජාත්‍යන්තර පුහුණුවක්

සවාටි කික් බොක්සිං ක්‍රීඩාවේ පුහුනුකරුවන්ට දැණුම ලබා දිම පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රංශ සවාටි කික් බොක්සිං සංගමයේ ආරාධනයෙන් ලෝක සවාටි කොම්බැට් සූර රොබින් විකොමැට් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.මැයි මස 5 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙන විකොමැට් මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පුහුනුකරුවන්ගේ මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේද ක්‍රීඩාව සම්බනධයෙන් වන දැණුම පුළුල් කිරිමට අවශ්‍යය වැඩ සටහන් ගණනාවක් මෙහෙයවනු ඇති බව සවාටි කික් බොක්සිං සම්මෙලනයේ ශ්‍රී ලංකා සභාපති ප්‍රසාද් විකමසිංහ පෙන්වා දෙයි.

විකොමැට් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු විසින් පවත්වන්නට යෙදෙන පුහුණු කඳවුරු ක්‍රීඩා අමාත්‍යංශයේදී,හම්බන්තොටදී,රතුනපුරදී සහ මහනුවරදී පැවත්වීමට කටයුතු යොදා ඇත.ඒ අනුව මැයි 7 වන දින ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවත්වෙන පුහුණු කඳවුරෙන් පසුව මැයි 9 වන දා හම්බත්තොටදී පුහුණු කඳවුරක් පැවත්වීමට නියමිතය.එසේම මැයි 10 වන දින රත්නපුරයේ දී සහ මැයි 11 වන දින මහනුවරදීත් මේ ආකාරයේ පුහුණු වැඩ සටහන් පැවත්වීමට සංවිධානය කර ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...