*
Friday, January 10, 2025
spot_img

Latest Posts

වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ බොචී තරගාවලිය ජනවාරි 19 දා බණ්ඩාරගමදී

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 10 ,(LNW)කොළඹ :

වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ ක්‍රීඩා කුසලතා සොයා ගැනීම,පෝෂණය කිරීම සහ වර්ධනය කිරීම පාදක කරගත් බොචී තරගාවලියක් බණ්ඩාරගම ක්‍රීඩාංගණයේදී ජනවාරි 19 වන දින පැවත්වීමට සූදානම් කර ඇත.එවැනි වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ ක්‍රීඩා කුසලතා ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් පෙරට ගෙන ඒමේ අපේක්ෂාවෙන් සංවිධානය වී තිබෙන ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ඩොට් කොම් ක්‍රීඩා ඇකඩමිය තරගාවලිය මෙහෙයවීමෙන් දායක වන අතර ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ශ්‍රී ලංකා චයිල්ඩ් ෆන් ආයතනය විසිනි.


ශ්‍රී ලාංකේය ක්‍රීඩා මාධ්‍ය කලාව සයිබර් අවකාශයට හඳුන්වා දුන් ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ඩොට් කොම් වෙබ් අඩවිය සහ දේිය ආබාධ සහිත කාන්තාවන්ගේ සංසදය සංවිධානය කරන මෙම තරගාවලියට පාදක බොචී ක්‍රීඩාව බෝල් ක්‍රීඩාවට සමානකම් ඇති වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාව වෙනුවෙන් නිර්මාණය වී ඇති ක්‍රීඩාවකි.


ලෝක මට්ටමෙන් වෙස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ ක්‍රීඩා හැකියාවන් වෙනුවෙන් සංවිධානය වන පැරා ඔලිම්පික් තරගාවලිවලට සහ විශේෂ ඔලිම්පික් තරගාවලිවලට ඇතුළත් ක්‍රීඩාවක් වන බොචී ක්‍රීඩාව වෙනුවෙන් මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 දෙනෙක් පමණ සහභාගි වීමට නියමිතව ඇත.වයස අවුරුදු 20 න් පහළ,18 න් පහළ සහ 16 න් පහළ ලෙස වයස් කාණ්ඩ තුනක් අතරේ තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිතය.එම වයස් කාණ්ඩ තුන යටතේම බාලක,බාලිකා ලෙස තරග පැවත්වෙන අතර කේවල,යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග කාණ්ඩ තුනක් ද සෑම වයස් කාණ්ඩයකටම ඇතුළත් කර ඇත.
වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවට සමාජයේ සමාන පිළිගැනීමක් ඇති වන ආකාරයට ආකල්පමය වෙනස්කමක් ඇති කිරීම ද මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණු අතර වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan