*
Friday, January 10, 2025
spot_img

Latest Posts

සමඟිය යළි සිරිකොතට!

කොළඹ LNW:සමඟි ජන බලවේගයට හා එක්සත් ජාතික පක්ෂයට යළි එක්විය හැකි අවස්ථාවක් ඇත්ද යන්න පිළිබඳ සාකච්ජා වට කිහියපයක් පවත්වා ඇති අතර එම සාකච්ජා නිල වශයන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා ඊයේ (09) කොළඹදී පවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ දැනට කටයුතු කරන ආකරයෙන් ආණ්ඩු බලයක ලබාගත නොහැකි බවට සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ද අදහස් වී තිබෙන බවයි.

දැනටත් මෙම පාර්ශව දෙක එකතු වීම වෙනුවෙන් සාකච්ජා වට පවත්වමින් යන අතර නිල වශයෙන් ද එම සාකච්ජා ආරම්භ කිරීමට නියමිත බවයි රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

මේ අතර සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද මාධ්‍ය වෙත ඊයේ (09) පවසා තිබුණේ එජාපය හා සමඟිය එක්වීමට අදාළව සාකච්ජා විවෘතව සිදුකරන බවත් සාකච්ජා කිරීම වෙනුවෙන් සංකීර්ණ ප්‍රශ්න කිහිපයක් පවතින බවත් ය.

පක්ෂ දෙක එකතුව එකට වැඩකළ හැකිය යන්න පිළිබඳ සොයාබලමින් සිටින අතර එක් කලෙක මෙම කඳවුරු දෙකම එකම කඳවුරක ක්‍රියාකළ බවද කබීර් හෂීම් මහතා පැවසුවේය.

එකම කඳවුරක හිටියද චින්තනයේ ඇති වූ වෙනස්කම් නිසා එජාපයෙන් එළියට ආ බවත් පැවසූ කබිර් හෂීම් මහතා තවදුරටත් පැවසුවේ දෙපාර්ශවය ම ඉදිරියට වැඩකිරීමේ ක්‍රමය ගැළපේද යන පිළිබඳ අවධානය යොමුකළ යුතුව ඇති බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan