HMPV නාදුනන වෛරසයක් බව කීම බිය උපදවන සුළුයි – චීනයෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. සාමාන්‍ය වෛරසය “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බවයි චීන විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෑතකදී චීනයේ HMPV නම් වෛරසයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව වැඩි වූ අතරම චීනයේ “නාඳුනන වෛරසයක් ” බිහි වූ බව අන්තර් ජාලයේ වාර්තා විය. මේ සම්බන්ධයෙන් අද(10) පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදාළ තොරතුරු පැහැදිලි කළේය.

වාර්තමානයේ චීනයේ ශ්වසන රෝග පැතිරයාමේ පරිමාණය හා ප්‍රබලතාව පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව අඩු වූ බව හෙතෙම ප්‍රකාශ කළේය. වසර 60කට අධික කාලයක් මිනිසුන් අතර පවතින HMPV වෛරසය, ශ්වසන රෝග ඇති කරන සාමාන්‍ය වෛරසයකි. සාමාන්‍ය වෛරසයත් නාඳුනන වෛරසයක් ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බවත් එය විද්‍යාවට අනුකූල නොවන බවත් හෙතෙම පැවසීය.

චීන රජය සැම විටම සිය ජනතාව හා චීනයේ සිටින විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා වැදගත් කොට සලකන බව හෙතෙම ප්‍රකාශ කළේය. නිසි පියවර ගනිමින් චීනය දෙස් විදෙස් සංචාරකයන් සඳහා සැපවත් මෙන්ම සුරක්ෂිත සංචාරක පරිසරයක් වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...