කම්කරු හා විදේශ රැකියා හිටපු ඇමති මනූෂ නානායක්කාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබේ.
ඒ අනුව, ඔහුට හෙට (ජනවාරි 11) පෙරවරු 09.00 ට එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.
අද දිනයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති තලතා අතුකෝරාළ මහත්මියගේ වැඩ භාරගැනීමේ උත්සවයට සහභාගී වීම සඳහා මනූෂ නානායක්කාර මහතා එහි පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත CID නිලධාරීන් පිරිසක් සිරිකොත අසලට ද ගොස් ඇතත් ඔහුව එහිදී ඔවුන්ට මඟහැරී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.