සතියේ ජයග්‍රහණ පොලිස්,සීඑච් සහ හැව්ලොක්ස් කණ්ඩායම්වලට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 12,(LNW)කොළඹ :

මාස්ටර්කාඩ් රග්බි සූරතාවලියේ මේ සතියේ පැවති තරගවලදී නාවික හමුදාව පරාජයට පත් කර පොලිස් කණ්ඩායමත්,යුද හමුදාව පරාජයට පත් කරමින් සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමත් ජය ගැනීමට සමත් විය.හැව්ලොක්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලයන්ස් කණ්ඩායම පහසුවෙන් පරාජයට පත් කරන්නට සමත් විය.


මෙවර තරගාවලියේ තමන්ට ලැබුණු තීරණ සම්බන්ධයෙන් අතෘප්තියෙන් පසුවන සහ සාධාරණය අපේක්ෂා කරමින් සිටින පොලිස් කණ්ඩායම නාවික හමුදා ක්‍රීඩාංගණයේදීම නාවික හමුදාව හමු වූයේ තමන්ට අසාධාරණයකින් තොරව සැබෑ දක්ෂතාවය දැක්වීමට ඉඩ විවර වෙනු ඇතැයි යන හැඟීමෙන්ය.ඔවුන් තරගයේ ප්‍රථම භාගය නිමාවන විට සත්කාරක නාවික හමුදා කණ්ඩායම හමුවේ ලකුණු 10 – 7 ක් ලෙස පෙරමුණේ සිටීමට සමත් විය.සමස්ත තරගය නිමා වන විට නාවික හමුදාව සුපුරුදු බිමේ පොලිසිය සමඟ සම ලකුණු ලබන්නට සමත් විය.එහෙත් පළමු අර්ධයෙ තිබූ වාසිය නිසා තරගය නිමාවන සංඥාව නිකුත්වන විට ලකුණු තත්ත්වය පොලීසිය 23 ක් සහ නාවික හමුදාව 20 ක් ලෙස දැක්විණි.


ඉකුත් සතියේ කෝඩුකාර ශ්‍රී ලයන්ස් ඉදරියේ පරාජය ලැබූ සීඑච්ඇන්ඩ්එෆ්සී කණ්ඩායම මේ සතියේ හමුවේදීත් දැඩි පීඩනයකට ලක් විය.පළමු අර්ධය නිමාවන විට යුද හමුදාව ලකුණු 10 – 05 ක් ලෙස සීඑච් අභිබවා පෙරට පැමිණ සිටියද,සීඑච් කණ්ඩායම දෙවන අර්ධයේ වැඩි වාසි අත්පත් කර ගන්නට සමත් විය.ඒ අනුව අවසාන සංඥාව නිකුත් වෙන විට ලකුණු 19 – 17 ක් ලෙස යුද හමුදාව පරාජය කර ජය ගන්නට සීඑච් කණ්ඩායමට හැකියාව ලැබිණි.


ඉකුත් සතියේ සිය පළමු පෙළ තරග ජය අත්කර ගත් ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයින් මෙවර හමු වූයේ ප්‍රබල හැව්ලොක්ස් කණ්ඩායමය.තරගයේ ප්‍රථම අර්ධය සම්පූර්ණයෙන් හැව්ලොක්ස් කණ්ඩායම සතු කර ගත් ඔවුන් පළමු අර්ධය නිමාවන විට ලකුණු 31 – 3 ක් ලෙස පෙරමුණේ උන්නේය.
දෙවන අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායමට බරපතල පීඩනයක් මුදා හරින්නට සමත් ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයින් හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 12 ක් පමණක් ලබා ගන්නා තත්ත්වයට පත් කළේ තමන්ගේ ලකුණු පූවරුවට ලකුණු 10 එක් කර ගනිමින්ය.ඒ අනුව තරගයේ අවසාන ප්‍රතිපලය ලකුණු 43 – 13 ක් ලෙස දිස් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...