නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ තවත් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ (LNW):

පසුගිය කාලය තුළ , අතරමග නැවතී ඇති රජයේ නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තීරණය කර ඇති බව , අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන කිහිපයක නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව පැවසේ.

ගෙවී ගිය කාලය පුරාවට, පැවති ආර්ථික අර්බුදය හා නුසුදුසු කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් භාරදීම හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නතර වී තිබුණු අතර,ඒ අතරට නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක් සහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක් වන බව පැවසේ. එම ව්‍යාපෘති යටතේ නිවාස 4,000 ක් පමණ ඉදිකිරීමට යෝජිතයි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ , ගැටලු පවතින කොන්ත්‍රාත්කරුවන් වෙනුවට, නව කොන්ත්‍රාත්කරුවන් යොදා ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...