රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ (LNW):
මීට වසර තුනකට පෙර දේවස්ථානයේ තිබී බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි පරීක්ෂණයක් සිදුකර නොමැති බව පවසමින්, බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය ඉදිරියේ අද නිහඩ විරෝධතාවක් පැවැත්වුණු බව වාර්තා වේ.
සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අද උදෑසන පැවති දේව මෙහෙයෙන් පසු විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් බැතිමතුන් නිහඩ විරෝධතාවට එක්ව සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.