සමූපකාර ඡන්ද ජාතික මැතිවරණයක උණුසුම ගනී !

Date:

මේ දිනවල ප්‍රදේශ රැසක සමූපකාර නිලවරණ පැවැත්වෙනවා. හැබැයි මේ පාර සමූපකාර මැතිවරණ මෙතෙක් ඉතිහාසයේ කවදාවත් නොතිබුණු ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ.

ඒ කියන්නේ, ඉතිහාසයේ කිසිම දවසක සමූපකාර ඡන්දවලට දේශපාලන පක්ෂ අත්පත්‍රිකා බෙදාගෙන, ගෙන්ගෙට ගිහින් කැම්පේන් කළේ නෑ. මේ පාර මාලිමාව ඒ වැඩේට ලොකුවටම බැහැලා ඉන්නේ.

කැළණිය සමූපකාර සමිතියේ ඡන්දය ඊයේ (11) පැවැත්විලා තියෙනවා. තවම ඡන්ද ගැණලා ප්‍රතිඵල නිකුත් කරලා නෑ. නමුත් එන ආරංචිවල හැටියට නම් මාලිමාව ඒකත් පරාද වෙන්න පුළුවන්.

පහුගිය දවස් ටිකේ ඔය කැළණිය, බියගම ප්‍රදේශවල මාලිමාවේ අය සමූපකාර ඡන්දෙට කැන්වසින් කරලා තිබුණා. 6 කණුවේ පැත්තේ කැන්වසින් ආපු අයට මිනිස්සු හොඳටෝම බැන්නා කියලාත් ආරංචියි. මාස හතරකට කළේ මොනවාද කියලා මිනිස්සු මූණටම අහ අහා බැන්නා ලු.

මීට ටික දවසකට කලින් තිබුණු සමූපකාර ඡන්ද කිහිපයකින් මාලිමාව පැරදිලා තිබුණා. දිනපු ඒවාත් ගොඩක් තිබුණා, නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් තියෙන පක්ෂයක් වෙලා ඉද්දී සමූපකාර ඡන්ද දහයක් පහළවක් පෝලිමට පැරදුණොත් ඒක තමුන්ට ඉතාම අවාසි සහගත බලපානවා කියලා මාලිමාව දන්නවා. ඒගොල්ලෝ මෙච්චර බැහැලාම ජාතික මැතිවරණයකදී වගේ සමූපකාර ඡන්දෙට වලිකන හේතුව ඕක ලු.

හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ පාර කැම්පේන් කරන්න වෙලා තියෙන්නේ එයාලාට පුරුදු විදියට නෙවෙයි. මේ පාර එයාලාට දැන් ඡන්ද කරන්න වෙලා තියෙන්නේ ආණ්ඩු බලය තියෙන කට්ටිය හැටියට. ඕක පුරුදු නැති හින්දා කට්ටිය එහෙන් මෙහෙන් අනාගන්නවා කියලායි ආරංචි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...