ජනතාවගේ හඬ කිසිදා පාවා දෙන්නේ නෑ. රාජපක්ෂලා එක්ක ආණ්ඩු කෙරිලි නෑ – සජිත් (VIDEO)

ගාලු මුවදොර වේවා, රටේ කුමන තැනක හෝ වේවා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ මේ දුර්දාන්ත ආණ්ඩුව සහමුලින්ම ගෙදර යවන ලෙසත් බවත්, ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය ඇප කැප වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවගේ හඬට සහ ජනතාවගේ ඉල්ලීමට පිටින් තමන් කිසිවක් සිදු නොකරන බවත්, වර්තමාන ජනාධිපතිවරයා හෝ රාජපක්ෂ පවුලේ කිසිවකු සමග ආණ්ඩු කරන්නයැයි ජනතාව ඉල්ලා නොසිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කොළඹ නවනගර ශාලාවේ දී ඊයේ (25) පැවති දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ සම්මේලනය අමතමිනි. පොහොට්ටුව සමග ආණ්ඩු හදා හොරු අල්ලන්න බැරි බවත්, ඔවුන් සමග ආණ්ඩු කරන්නයි ජනතාව ඉල්ලා නොසිටින බවත් ඒ මහතා එහිදී අවධාරණය කළේය.

එදා රට භාරදෙන විට ඇමරිකානු ඩොලර් බිලියන 7ට වඩා සංචිත තිබූ බවත් අද ආණ්ඩුව ලෝකය පුරා කැට හොල්ලමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...