Economic Policy Lessons for New Sri Lanka කෘතිය නියෝජ්‍ය ඇමතිට පිරිනමයි!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ (LNW):

අද (14) දින මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී, මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරයෙකු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත සහ ආර්ථික ක්‍රම සම්පාදන නියෝජය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල ලියන ලද ශ්‍රී ලංකායේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවයන් පිළිබඳ ලිපි එකතුවක් ඇසුරින් සකස් කෙරුණු මෙම කෘතිය පසුගියදා එළි දැක්වුනු අතර, මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණු බව වාර්තා වේ.

.